Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

පින්බර ඉල් පොහෝ දිනයක් වේවා!

පින්බර ඉල් පොහෝ දිනයක් වේවා!

ලෝ වැසි සැදැහැබර බෞද්ධයින්ගේ සිත් සතන් සුපහන් කරවන ශාසනික වශයෙන් අනුස්මරණීය වූ සිදුවීම් කිහිපයක් ම ඉල් පුර පසළොස්වක පොහොය දිනය මූලික වෙමින් සිදු වී තිබේ. ඉල් පුන් පොහොය උදාවත් ම වස්සාන ඍතුව අවසන් වේ. අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ධර්ම ප්‍රචාරය සඳහා ප්‍රථම රහතන් වහන්සේ හැටනම දඹදිව් තලය සිසාරා පිටත් කොට වදාළේ මීට වසර 2600කට පෙර උදා වූ ඉල් පුන් පොහෝ දිනයේ දී යි.

ඉල් පොහෝයේ වැදගත්කම

1. ප්‍රථම ධර්ම දූත පිරිස ධර්ම ප්‍රචාරය ඇරඹීම.

2. බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම.

3. මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම.

4. අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේ දී පිරිනිවන් පෑම.

5. පසුවස් විසූ භික්ෂූන් වහන්සේලාගේ පවාරණ දිනය වීම.

6. කඨින චීවරය පූජා කළ හැකි අවසන් දිනය වීම.
ආදිය යි.

Facebook: https://t.ly/GIiTm

Caption by: 
Nuwan Maneesha ( 2nd Year – IAT Dept )

Design by: 
Sudesh Prasanna (3rd Year – IAT Dept)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *