Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

මහා ශිව රාත්‍රී දිනය

ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ.

ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යය ලෙස මෙය සැලකේ. රාත්‍රී නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමන්ට විමෝක්ෂය ලැබෙන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසය යි. මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් අද රාත්‍රීය පුරා උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වේ. ඒ, පංච ඊශ්වර දේවාලයන් කේන්ද්‍රකර ගනිමිනි.

එකිනෙකා අතර සාමූහික බව තවදුරටත් ශක්තිමත් කර, සශ්‍රීකත්වය සහ ප්‍රබෝධය සියලු දෙනාගේ යහපත් අභිමතාර්ථ සාධනයට හේතූ වන සුබ මහා ශිව රාත්‍රී මංගල්‍යයක් වේවා යන්න අප සියල්ලන්ගේම පැතුම යි.

Facebook: https://t.ly/50oQy

Caption by: Thamasha Erandi (2nd Year – ET Dept)

Design by: Samudini Doraliyagoda (3rd year – ICT Dept)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *