Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

මැදින් පුර පසළොස්වක පොහොය

පින්බර මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි…

අප තිලෝගුරු සම්බුදුපියාණන් වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව එළඹුණු ප්‍රථම මැදින් පුර පසළොස්වක පොහොය වූ අද වැනි පොහෝ දිනක විසිදහසකට අධික භික්ෂුන් වහන්සේ පිරිවරා කිඹුල්වත් පුරයට වැඩම කොට සුද්ධෝදන රජු ඇතුළු තම ඥාතීන්ට උතුම් නිර්වාණය අවබෝධ කරවනු වස් ධර්මය දේශනා කිරීම සහ ශාක්‍යන්ගේ මානය දුරු කිරීමට යමා මහ පෙළහර පෑම වැනි වැදගත් සිදුවීම රැසක් මැදින් පොහොය දින සිදුව තිබේ.

මීට අමතරව සිදුව ඇති වැදගත් සිදුවීම් නම්;

• සුද්ධෝදන රජු තෙවන වරට තම පුතුට වැඳීම.

• නන්ද කුමරු සහ රාහුල කුමරුගේ පැවිද්ද සිදුවීම.

• යශෝධරා දේවිය ඇතුළු පිරිසට සඳකිඳුරු ජාතකය දේශනා කිරීම.

ඔබ සැමට පින්බර මැදින් පොහෝ දිනක් වේවා…🙏🏻☸

Facebook : https://url-shortener.me/KZJ

Caption by: Isuru Harshapriya (2nd year – ET Dept)

Design by: Supun Hasaranga (2nd year – IAT Dept

Leave a Reply

Your email address will not be published. Required fields are marked *