Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

ලෝක මානසික සෞඛ්‍යය දිනය ❤‍🩹

ලෝක මානසික සෞඛ්යය දිනය ❤️‍🩹
 
ඔක්තෝබර් 10 වන අද දින සමස්ථ ලෝකවාසීන් විසින් ලෝක මානසික සෞඛ්යය දිනය සැමරීම සිදු කරයි. මානසික සෞඛ්යය ගැටළු පිළිබඳ දැනුවත් කිරීම, යහපත් මානසික සෞඛ්යයක් සඳහා සහය වීම මෙහි අරමුණ වේ.
 
මෙවර ලෝක මානසික සෞඛ්යය දිනය සැමරීමේ තේමාව වන්නේ “It is time to prioritize mental health in the workplace” ය.
 
“WHO” සංවිධානය පුද්ගල මානසික සෞඛ්යය විශ්වීය මානව අයිතිවාසිකමක් ලෙස පිළිගනී. පුද්ගලයකුගේ සාර්ථකත්වයට ශාරීරික සෞඛ්යය මෙන් ම මානසික සෞඛ්යය ද දැඩි ලෙස බලපායි. පුද්ගලයකුගේ මානසික සෞඛ්යය සතුටින් හා සාමකාමීව තිබෙන තාක් ඔහු වාසනාවන්ත නීරෝගී පුද්ගලයෙකු ලෙස හැදින්විය හැක. එය මිනිසාට සෘජුව බලපෑම් ඇති කරයි.
 
මානසික සෞඛ්යය මට්ටම් පිරිහීම මත ප්රධාන වශයෙන් Strees, Anxiety, Depression වැනි රෝගී තත්ව ඇති විය හැක. එය උපරිමයට යාමේ දී සියදිවි නසා ගැනීමේ සිතුවිලි පහළ වීම ද විශාල අවධානම් තත්ත්වයකි.
 
අප ජීවත් වන පරිසරය, ඇසුරු කරන පුද්ගලයින්, අප මුහුණ දෙන අත්දැකීම් අපගේ මානසික සෞඛ්යයට සෘජුව බලපෑම් ඇති කරයි. සාමකාමී සිතුවිලි, යහපත් සිතුම් පැතුම්, සුවබර නින්ද, සමබල ආහාර යහපත් මානසික සෞඛ්යයට වැදගත් ය. ඒකාකාරී ජීවන රටාවෙන් මිදී සංගීතය රස විදීම, පවුලේ අය, මිතුරන් සමග කාලය ගත කිරීම, විනෝදාංශ පවත්වාගෙන යාම මානසික ඒකාග්රතාවයට විශාල බලපෑමක් සිදු කරයි.

Writer –
Ayodhya Rathnayake (AT Dept – 2nd Year)

Design –
Sudesh Prasanna (IAT Dept – 3rd Year)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *