Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදයි🙏🏻✨

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදයි🙏🏻✨

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයත් සමග උදා වූ මේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සිහල සහ දමිළ අපේකම් අගයමින් උත්සවශ්‍රීයෙන් සමරන්නට කියාදෙන ස්වභාදම් ත්‍යාගයකි. අස්වනු ගෙට නෙළා, අලුත් සහලෙන් කිරිබත පිසින්නට නැකතට වැඩ අල්ලා, ලිපේ ගින්නෙන් උතුරවන කිරි මුට්ටිය හිතේ ගිනි නිවාලයි.

පරණ යාළුකම්, නෑදෑ හිතවත්කම් අලුත් වන සිංහල අවුරුද්දේ කාගෙත් සිත් අමනාපකම් අමතක කරමින් සැමදෙනාට සතුට බෙදන්න හොඳම කාලය මෙයයි. අවුරුදු ක්‍රීඩා සඳහා බාල, මහළු කොයි කවුරුත් එකතු වෙමින් ඉමහත් සතුටක් ලබයි.

සිරිතට මුල දී විරිත පසෙකලා සැමදෙනාම එකිනෙකා වෙත සුබ පැතීම චාරිත්‍රයකි. අවුරුදු සුබ පැතුම තුළින් ද පතනුයේ සශ්‍රීකත්වය යි. සාමය, සතුට මෙන්ම ලෙන්ගතුකම යි.

මෙම ලැබුවා වූ අවුරුද්දේ දී ද ඔබ සැමට නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා…!

Facebook: https://t.ly/ctcYr

Caption by: Hansani Sewwandi (1st Year – ET Dept)

Design by : Prasanna Indrajith (2nd Year – IAT Dept)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *