Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

☸🪷🙏🏻උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි….

☸🪷🙏🏻උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි….
ඇසළ පුන් පොහෝ දිනය ලංකාවාසී, ලෝකවාසී බෞද්ධ ජනතාවට සුවිශේෂී වැදගත්කම් රැසක් සහිත වූ පොහොය දිනයකි.
* සිදුහත් බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දැක ගිහිගෙය කලකිරී සහ මහාභිනිෂ්ක්රමණය කිරීම.
* රාහුල කුමරුගේ උපත සිදු වීම.
* ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්මචක්ක පවත්ථන සූත්රය දේශනා කිරීම හා කොණඩඤ්ඤ තවුසාගේ සෝවාන් වීම.
* මාතෘ දිව්ය රාජයා ඇතුළු දෙවියන්ට ධර්ම දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ තුසිත දෙව් ලොවට වැඩම කිරීම.
* බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් තෙමසකට පසු ප්රථම ධර්ම සංගායනාව පැවැත්වීම.
* ශ්රී දන්ත ධාතූන් වහන්සේ ප්රදර්ශනය කරමින් ඇසළ පෙරහර ආරම්භ කිරීම.
මෙවැනි සිදුවීම් රැසකට පාදක වූ මෙම පොහොය දිනයෙදී ලාංකීය බෞද්ධ ජනයා ප්රතිපත්ති හා ආමිස පූජාවට මුල්තැන දෙමින් ධර්මයේ හැසිරෙයි. ☸🪷
ඔබ සැමට දහම් සිසිලෙන් සිත් සනහාලන පින්බරවූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා !!!
Caption by: Sisuri Pathirana (1st Year – ET Dept)

Design by: Sharada Wishwadeepa ( 1st Year – ICT dept)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *