Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

☸🪷🙏🏻උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි….

☸🪷🙏🏻උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි….


ලාංකීය බුදුසසුන ස්ථාපිත කරවූ මහින්දාගමනය මූලික කොටගත් පොසොන් පොහොය දිනයේ තවත් සුවිශේෂී වැදගත්කම් රැසක් ඇත.


* අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලා, ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන් වහන්සේ සහ භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස සමඟ අනුරපුර මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.


* බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.


* දෙවන පෑතිස් රජු ඇතුළු හතළිස් දහසක පිරිසක් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම.


* මිහිඳු මහා රහතන් වහන්සේ විසින් සුමන සාමණේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අභියසට වැඩි දෙවියන් හට සමචිත්තපරියාය සූත්‍රය දේශනා කිරීම.


* ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසකවරයාගේ මහණ උපසම්පදාව සිදුවීම.


* මහා වංශය ඇතුළු ධර්ම ග්‍රන්ථ ලියවීමට මුල පිරීම සිදුවීම.


මෙවැනි සිදුවීම් රැසකට පාදක වූ මෙම පොහොය දිනයෙදී ලාංකීය බෞද්ධ ජනයා ප්‍රතිපත්ති හා ආමිස පූජාවට මුල්තැන දෙමින් ධර්මයේ හැසිරෙයි. ☸🪷


ඔබ සැමට දහම් සිසිලෙන් සිත් සනහාලන පින්බරවූ පොසොන් මංගල්‍යයක් වේවා !!!


Facebook: https://t.ly/Zed9V



Caption by: Sisuri Pathirana (1st Year – ET Dept )

Design by: Hansaka Jayasundara (1st Year – AT Dept )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *