Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

අතීතේ ප්‍රේමණීය හෝරාවක්…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙

 

අතීතේ ප්‍රේමණීය හෝරාවක්…

 

අතීතේ එක දවසක

තුරුළු වීලා ළය මත

සිනාසීලා ආල ගී ගැයු

කාලෙ නුඹ හට මතක ද

 

දෑත දෑඟිලි බැඳල ඉඳ

සීත සියුමැලි කොපුල් අතරින්

ආල හැඟුමන් දෝරෙ ගලනා

කාලෙ නුඹ හට මතක ද

 

රෝස දෙතොලින් හැඟුම් පිපිදූ

මාල ගිරොවුන් වගේ සියොලඟ

හදට ළං වී ගෙවූ කාලය

කෙසේනම් අමතක කරන්න ද

 

ආදරේ මල් වියන් පහසින්

හීන අතරේ පියාඹන්නට

ආල ගීයක තනුව වීගෙන

තවත් මොහොතක් ළඟින් ඉන්නට…

 

රචනය -නුවන් දහනායක(පළමු වසර)

සැකසුම – නෙත්මින් කවිඳු (දෙවන වසර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *