Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

ඉඩෝරය…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙
 
ඉඩෝරය…
 
එකින් එක පතිත වන පත්
කියයි හඬ නඟා දුක…
ටිකෙන් ටික ඉරි තලන මහ පොළොව
දවයි මුළු පරිසරයම…
නමුත් මේ සියල්ලම
වෙරෙන් අල්ලා ගනී ගසේ මුල…
නොවැටෙන්නට නොදී නාරටිය
පැමිණෙන තුරු වසන්තය…
අමතකයි ඉඩෝරය ගැන
පැමිණි පසු වසන්තය…
ලියලයි නැවතත් හරිත පත්
පුරා නොසැළුනු සවි ගසක…
පැමිණෙයි කාටත් ඉඩෝරයක්
එක් වරක් හෝ ජීවිතයක…
පැමිණෙන තුරු වසන්තයක්
ඉවසිය යුතුය බලමින් මඟ…

රචනය -රන්ඳුලි ප්රතිභා (දෙවන වසර)

සැකසුම – නෙත්මින් කවිඳු (දෙවන වසර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *