Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

තනිකම…

 

තනිකම…

 

ඇසූ විටක කවි ලියන්න නොඇසූවත් මට කියන්න…

තරුත් එක්ක තනි මකන්න

තරු නැති කල මට ලියන්න…

රැළිත් එක්ක පෙම් බඳින්න නිසල දියෙදි මට කියන්න…

අහස් ගව්ව දෙස බලන්න මට මිහිකත වෙන්න දෙන්න…

  

කවුළු පියන් සුළං එක්ක පෙම් පුරනා මගෙ හිතට…

රැහැයි මැදිරි කානා හඬට තනිකම ඇති පාලු පැලට…

රෑ අඳුරට මඳ එළියට හිත කවුරුද හොයන තැනට…

 

උන් නැති කල මට කියන්න මගෙ තනිකම මට දැනෙන්න…

සඳ නැති දා කතා වෙන්න මගෙ පාලුව මකා ගන්න…

 

 

රචනය –
ලක්ෂිත අබේවික්‍රම (දෙවන වසර )

සැකසුම –
නෙත්මින් කවිදු (දෙවන වසර )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *