Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

තනි වූ ලෙච්චමී…

 

තනි වූ ලෙච්චමී…

සැප සම්පත් උතුරන්නට ඇති මුත් අපෙ අතේ
හැමදාමත් කඩන එකයි කදුකරේ තේ කොළේ
මේ සියල්ල අයිති උනේ අපෙ අප්පට සිතේ
නෑ මට නම් සැනසිල්ලක් මව නැති
මාළිගේ…

අපෙ අප්පා හැමදාමත් බී ගෙන කඩපොළේ
එන්නෙ හතරගාතෙන් අනේ ගොම්මන් යාමයේ
හැමදාමත් රෑ තනියම අඬ අඬ සිටි වෙලේ
අනේ අම්මේ වරෙන් ළඟට මම බයෙන්නේ ඇදේ…

සති අන්තයේ හැමදාමත් පාටි තමයි මෙහේ
අපෙ අප්පගෙ යාලුවො ටික බීගෙන විත් ඇඟේ…

තවත් දිනක් උදා උනා සීතල මැදියමේ
කරන්ට් ගියේ පාටි මැද්දේ මහ රෑ තුන්ජමේ
මගේ ඇඟට ගොඩ වී කවුදැයි කරදර කරේ
කරන්ට් එද්දී අපෙ අප්පා මගෙ ඇඟ උඩ බීමතේ…

 

රචනය –
නලින් එස්. කුලතුංග (දෙවන වසර )

සැකසුම –
සුපුන් හසරංග (දෙවන වසර )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *