Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

ප්‍රේම අරගලය…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙

ප්‍රේම අරගලය…

සදා නොවෙනස් අපේ ප්‍රේමය
හදපුරා මා ලියන්නම්
ඔබේ සෙනෙහස පපුව ගැඹුරේ
ආදරෙන් මා රකින්නම්

ආදරය නම් සොඳුරු හැඟුමට
ඇය මෙන්ම මා බැඳුණි නම්
දෙදෙන අප හා මැදිව ඔබ දුන්
පිළිතුරට මා යොමන්නම්

වෙන්ව ඔබගෙන් යන්න හැරිහැටි
නොහැකිමුත් මා හැරෙන්නම්
ඇගේ අත ගෙන එක්ව යනවිට
පපුව ගැඹුරින් දැවෙන්නම්

ඇයට මෙන් ඔබ මටත් පෙම් කළ
රහස හරිහැටි රකින්නම්
කිසිඳු වෙනසක් ඔබේ අසලින්
නොවිදි බව මා කියන්නම්

 

Facebook: https://bit.ly/4lrart9

රචනය -රවත්සලා සෙව්වන්දි (දෙවන වසර)

සැකසුම – නෙත්මින් කවිඳු (දෙවන වසර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *