Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

මමත් එන්නම් දිනෙක …

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙

මමත් එන්නම් දිනෙක …

හීන හිරිමල් පිපුණු – පුංචි වැහි බිදු එක්ක
හිමිදිරිය කොයිතරම් – සුන්දර දසුනක් ද

පුංචි තණ පිඬලි අග – බර වෙච්ච පිනි පොදට
වැටෙන ළා හිරු වගෙයි – හිමිදිරිය නුඹ එක්ක…

තද අව්ව වැටුනාම – දියබරිත තෙත පොළොව
ඉරිතලන අපූරුව – නුඹත් එය දුටුවා ද…

අවරගිරෙහි නුඹ හට – රැකවල් තනන වලාකුළු
විටෙක හරි ලස්සනට – බැස යාවි නුඹට නොපෙනිම…

නුඹේ සියුමැලි සුවය – විඳින්නට නුඹ හා එක්ව
ලස්සනට දිදුලන්න – මමත් එන්නම් දිනෙක …

Facebook : https://t.ly/CA4BG

රචනය –
මෙත්මිණී මුණසිංහ (දෙවන වසර )

සැකසුම –
නෙත්මින් කවිදු (දෙවන වසර )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *