Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

වස්සානෙක අතරමං ඉඩෝරය…

වස්සානෙක අතරමං ඉඩෝරය…

ස්නේහයේ දිය කඩිති සිදාලා,
පසාරුව ඉරිතලන ලය මඬල,
දෙපළු කළ නිම්නයේ අදෝනා,
කිතිකවන තුඩඟ වන ළපළු…

කරගෑටිව ගිය කලට,
ඉලුක් මහ පඳුරු ළෙලවයි අඟපසඟ,
ප්‍රේමයේ සිරිලාල මහී අගනට පළදවන්නට,
මල්සර මතින් වෙළෙනදා…

නිමේෂයක නර අගනක්වන්,
ඇයි ද ඔබ කරනා ශාප,
උදක සිරින් මල්වර වන දා,
නිලඹරට කෝ තුටු පඬුරු…

රචනය –
තමාෂා එරන්දි (දෙවන වසර )

සැකසුම –
සුපුන් හසරංග (දෙවන වසර )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *