Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

සිත…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙

 

සිත…

 

විටකදී හිනැහෙන  –  විටකදී වැලපෙන

ප්‍රාර්ථනා මල් පිබිදී පරවෙන සිතුවිලි පුදුමයි මසිතෙහි ගැවසෙන 

සිතාගන්න බෑ සිතුවත් නුඹ ගැන 

 

විටකදී මතුවන සිතුවිලි අඳුරු ය

නිමේෂයෙන් සිතුවිලි වෙයි සොඳුරු ය

අතරින් රිංගා බාධක අවහිර 

සිනා මවයි මුව අද්දර පින්බර

 

මොහොතක්වත් නැත එක තැන ඉන්නේ

නිතර නිතර හැම අතම දුවන්නේ

මේ ආපසු විරහව මා හොවන්නේ 

කියන්න සිත නුඹ කොතැනද ඉන්නේ

 

Caption by: 
ඉසුරු හර්ෂප්‍රිය
(2nd Year )

Design by: 
නෙත්මින් කවිඳු(2nd Year )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *