Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

World Tourism Day 2024

“ලෝකය පොතක් වන අතර සංචාරය නොකරන අය කියවන්නේ එක් පිටුවක් පමණි.”

සංචාරය වූ කලී නොමැකෙන මතක, අද්විතීය අත්දැකීම් ගොන්නකින් ජීවිතය පුරවාලිය හැකි හා විවිධ වූ ආකාරවලින් ජීවිතය පොහොසත් කර හැකි විස්මිත වූ ක්‍රියාකාරකමකි.

අන්තර්ජාතික ප්‍රජාව තුළ සංචාරක කර්මාන්තයේ භූමිකාව පිළිබඳව දැනුවත් කිරීමේ පරමාර්ථය පෙරදැරිව ලෝක සංචාරක දිනය සෑම වසරකම සැප්තැම්බර් මස 27 වන දින සමරනු ලබයි. මෙවර එහි තේමාව වී ඇත්තේ “Tourism and Peace” යන්න යි.

ලෝක සංචාරක දිනයට සමගාමීව විවිධ රටවල විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කර සංචාරක කර්මාන්තය පිළිබඳව දැනුවත් කිරීම් ලබා දෙයි. ශ්‍රී ලංකාව තුළ ද එවන් වූ වැඩසටහන් සෑම වසරක පාහේ පැවැත් වේ. අපගේ උරුමයන් හා අනන්‍යතාව ද රැක ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රගතිය උදෙසා සහය වීම අප සැමගේ ම වගකීමකි.

Writer –
Lakshini Maduwanthi (AT Dept – 2nd Year)

Design –
Nethmin Kavindu (IAT Dept – 2nd Year)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *